සිය හිටපු පෙම්වතියට පහරදී ඇය බලහත්කාරයෙන් සිරකරගෙන සිටි බව කියන ලාංකිකයෙකු හා ඔහුට ඒ සඳහා උපකාර කළ බව කියන තවත් ලාංකිකයින් සිව්දෙනෙකුට එරෙහි චෝදනාවක් ගැන ඩුබායි උසාවියකින් අසන්නට ලැබේ.
මෙම සිද්ධිය ගැන වාර්තා වී ඇත්තේ පසුගිය ජනවාරී මස 22 වැනිදාය.
එම සිද්ධිය සැකෙවින් පහත පරිදිය.
ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරන බව පැවසෙන ලාංකිකයෙකු කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය යම්කිසි හේතුවක් මත එය බිඳ වැටී ඇත.
කෙසේ වුවද මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව නවාතැන් ගෙන සිටි බව කියන ස්ථානයට පසුගිය ජනවාරී මස 22 දා අළුයම 5ට පමණ කඩාවැදී අදාළ කළමනාකරු හා ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු එම කාන්තාව සිටි නිවසේ දොර කඩා ඇය බලහත්කාරයෙන් එළියට ගෙන මෝටර් රථයක දමාගෙන මහල් නිවාස සංකීර්ණයකට ගෙන ගොස් තිබේ.
එහි ඇය සිරකරගෙන සිට ඇති අතර පැය 3න් පමණ පසු ඇය එම ස්ථානයෙන් පළාවිත් තමන් මුහුණ පෑ අකරතැබ්බය පොලීසියට පැමිණිලි කර ඇත.
ඇය පවසා ඇත්තේ මීට පෙර දිනයකදී අදාළ කළමනාකරු තමන් සිටි ස්ථානයට පැමිණ තමන් වෙනත් කෙනෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියහොත් මරාදමන බවට තර්ජනය කළ බවයි.
මේ අතර එම කාන්තාව සමග අලුතින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ බව කියන ලාංකික ව්‍යාපාරිකයෙකු (44) ද පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ අදාළ පුද්ගලයින් තමන්ටද පහරදී තුවාල කළ බවය.
කෙසේ හෝ මෙම සිද්ධිය ගැන ක්‍රියාත්මක වී ඇති පොලීසිය අදාළ කළමනාකාරවරයා (37) හා ඔහුගේ මිතුරන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයේදී සැකකරුවන් පහරදීමක් සිදුනොකළ බව පවසා ඇති අතර අදාළ කාන්තාව හමුවී කතා කිරීමට අවශ්‍ය බව පමණක් පැවසූ බවත්, කිසිවෙකුට පහරදීමට අවශ්‍යතාවයක් නොතිබූ බවත් පවසා තිබේ.
කෙසේ වුවද මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

0 comments :
Post a Comment