මුල් තැන සාර්ක් කලාපයටයි

දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය සමග කටයුතු කිරීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත්වය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

සාර්ක් සංවිධානයේ වත්මන් ක්‍රියාකාරකම් ඉදිරි තලයකට රැගෙන යාම  සදහා ශ්‍රී ලංකාව ද දායක වන බවයි සාර්ක් විදේශ කටයුතු අමාත්‍ය සමුළුව අමතමින් ප්‍රකාශ කළේ.

නේපාලයේ - පොකාරාහි දී ඊයේ (17) ආරම්භ වූයේ සාර්ක් අමාත්‍ය කමිටුවේ 37 වන සැසිවාරයයි.

අමාත්‍ය මංගල සමරවීර මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ පසුගිය වසර තුළදී පමණක් ශ්‍රී ලංකාව සාර්ක් සංවිධානයේ සහයෝගිතාව ඉහළ නැංවීමට ඉවහල් වන රැස්වීම් සහ වැඩමුළු 11 කට සත්කාරකත්වය ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් පිටත සාර්ක් කලාපීය රැස්වීම් සදහා ශ්‍රී ලාංකික විශේෂඥයින් සහ වෘත්තීකයන් 100 දෙනෙකුගේ පමණ නායකත්වය ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

සාර්ක් සංවිධානය හරහා කලාපීය සහ බහුපාර්ශවික ආර්ථික සහයෝගිතාව වැඩිදියුණුකරලීම සදහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment