රටටම විදුලිය ලැබෙයි



මේ වන විට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18) පස්වරුවේ සිට සකි‍්‍රය වීම හේතුවෙන්.

එ් අනුව මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට ජාතික පද්ධතියට මුදාහැරෙනවා.

එබැවින් විදුලිය විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට හැකියාව උදා වූ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ. 
ඊයේ (17) දිනයේ සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදෙන බවට විදුලිබල මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණද ඊයේ (17) දිනයේද අවස්ථා කිහිපයකදී ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී තිබුණා.

කෙසේ වෙතත් විදුලිබල පද්ධතියේ ඇති දෝෂ නිරාකරණය සඳහා අවම වශයෙන් තවත් මාස 3ක කාලයක් ගත වනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ.

විදුලි බිඳ වැටීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන කි‍්‍රයාමාර්ග පිිළිබඳ දැනටමත් තොරතුරු රැස් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

මේ අතර කෙටි කාලයක් තුළ අවස්ථා දෙකකදී රටේම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ වත්මන් ආණ්ඩුවේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද අදහස් පළ කළා. ඔහු අවධාරණය කළේ රට පුරා විදුලිය බිඳ වැටීමට කිසිදු හේතුවක් නොමැති බවයි. 

විදුලි අර්බුදයට ගත යුතු විසඳුම් නිසි වේලාවට නොගැනීම විදුලි බල පද්ධතියට සිදු වූ ප‍්‍රධානතම බාධාව වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment