උතුරු කොරියානුවන් ලංකාවට ඇවිත්



ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ 50000 ක මුදලක් තමන් සතුව රැගෙන යමින් සිටි උතුරු කොරියානු ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු පරීක්ෂණයට ලක් වූ මෙම උතුරු කොරියානුවන්  ඕමානයේ සිට චීනය බලා යන අතරතුරයි කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ.

කටුනායකදී වෙනත් ගුවන් යානයකට මෙම මුදල් රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු කොරියානුවන් ප්‍රකාශ කර ඇත්තේ තම රටේ සහෝදර සේවකයන්  ඕමානයේ වැඩබිම්වලදී උපයා ගත් මුදලක් මෙලෙස රැගෙන යන බවයි.

මෙරට රේගු නීතියට අනුව ඇමරිකානු ඩොලර් දස දහසකට වැඩි මුදලක් තොරතුරු සගවා ගුවන් මගින් රැගෙන යා නොහැකියි.

කෙසේ නමුත් මෙම උතුරු කොරියානුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගැණුනු මුදල් නිදහස් කරන ලෙස ඉන්දියාවේ සිට ක්‍රියාත්මක උතුරු කොරියානු තානාපති කාර්යාලය ලක් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දකුණු කොරියානු යොන්හැප් ප්‍රවෘත්ති සේවය සදහන් කළා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment