ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතූන් වහන්සේ නමක්

ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතූන් වහන්සේ නමක් පුජාකර තිබේ.

මෙරට සංචාරයක නිරත තායිලන්ත උප අග්‍රාමාත්‍ය සොංකිත් ජට්‍රශ්‍රිපිටක් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සර්වඥ ධාතූන් වහන්සේ භාරදුන් බව ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ථේරවාදී බෞද්ධ රටවල් ලෙස දෙරටේ ආගමික සබඳතා තවදුරටත් වැඩිදියුණු කරගැනීම පිළිබඳ නායකයින් දෙපල අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා  පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන නැරඹීම සඳහා තායිලන්ත සැදැහැවතුන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment