ඉන්දියාව සමග මිත්‍රත්වය දැන් වැඩිවෙලා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වර්තමාන ආණ්ඩුව හරහා තවත් වර්ධනය වී ඇති බැවින් දෙරට අතර  පවතින ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ධීවර ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ලියාපදිංචි ධීවර සංගම් 120ක් පමණ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ.

මෙහිදී තමන් සෘජුවම මුහුණපාන ප්‍රශ්න, ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එමෙන්ම ධීවරයින් අනවසර ලෙස මසුන් ඇල්ලීම, බලහත්කාර ලෙස මත්ස්‍ය කොටු පවත්වාගෙන යාම, නීති විරෝධී දැල් භාවිතය, වෙරළ ආසන්නයේ ඇති අනවසර ඉදිකිරීම්, මුහුදට අපද්‍රව්‍ය එකතු කිරීම් යන මෙම කරුණු පිළිබඳවද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට අදාළ නියෝජිතයින් පියවර ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ධීවර ජනතාවගේ ගැටලු වලට තමන් ඇහුන්කන් දෙන බවත් මෙම සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන බවත් පවසා ඇත.

ඉදිරියේදී නාවික හමුදාවට සහ පොලීසියට නවීණ තාක්ෂණයෙන් යුත් සන්නිවේදන උපකරණ ලබාදීමට කටයුතු කරන බවත් ඒ තුළින් ධීවරයින්ගේ සහ සංක්‍රමණිකයින් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ සියලු ධීවර සමිති වල එකඟතාව මත එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ හැකි බවයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment