දෙමටගොඩ චමින්දට වෙඩි තියන්න ආව කළු කාර් එකේ CCTV දර්ශන එළියට - වීඩියෝ

දෙමටගොඩදී ඊයේ බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම සදහා තුවක්කුකරුවන් අදාළ බස් රථය ලුහු බදින ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන පොලිසිය අද මාධ්‍යයට නිකුත් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි.

නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ මහාධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රැගත් බන්ධනාගාර බස් රථය ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත ගමන් කරන අතරතුර දෙමටගොඩදී සිදු වූ එම වෙඩි තැබීමෙන් බස් රථය තුළ සිටි දෙමටගොඩ චමින්ද නැමති සැකකරුට තුවාල සිදු වුණා

තුවාල ලැබූ චමින්ද ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 21 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහුගේ තත්ත්වය බරතල නොවන බවයි

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බස් රථයේ තවත් රැදවියන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරමින් සිටියා

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment