ජීවිතය බේරාගන්න සෛලයක් සොයන යුවතිය

ලියුකේමියා රෝගයකින් පෙලෙන ශ්‍රී ලංකා සම්භවයක් ඇති තරුණියකගේ ජීවිතය බේරාගැනීමේ කටයුත්තක් සඳහා මෙහෙයුමක් මේ දිනවල ආරම්භ කර තිබෙනවා. 24 වැනි වියේ පසුවන චිතියා ඇල්ෆොන්ස් නම් මෙම තරුණියගේ ජීවිතය බේරාගැනීමටනම් තවත් මාස දෙකක් ඇතුලත ඇයට ගැලපෙන මූල සෛල සොයා ගැනීමට අවශ්‍ය වනවා

ඇයට ගැලපෙන මූල සෛල සෙවීමේ මෙහෙයුමට ඇන්තනී නොලාන් නම් පුණ්‍ය ආයතනය පෙරමුණ ගෙන කටයුතු කරන බවයි වාර්තා වන්නේ
මූල සෛල දන් දීම සඳහා ලියාපදිංචි වී සිටින ජාත්‍යන්තර ලැයිස්තුවක් ඇතත් එහි ඇතුළත්ව සිටින්නේ ආසියානුවන් කිහිපදෙනෙකු පමණයි

ඒ හේතුවෙන් වීතියා ඇල්ෆොන්ස් නම් තරුණියට මූල සෛල සෙවීම වඩාත් දුෂ්කර වී තිබෙනවා

කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය අවසන් වසර ආරම්භ කරනවාත් සමගම ඉතා දරුණු ලේ පිළිකාවක් හේතුවෙන් සෞඛ්‍ය තත්වය පිරිහී ගොස් තිබෙනවා

විශ්ව විද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසු සේවය කිරීම සඳහා ‘ස්පෙක්ට් සේවර්ස්’ ආයතනයේ රැකියාවක් සඳහාද ඇය දැනටමත් තේරී සිටිනවා.

ඇගේ සොහොයුරා ගේ ශරීරයේ මුල සෛල ඇය සිරුරට ගැළපෙන්නේ 50% ක ප්‍රමාණයක් පමණක් වන හෙයින් ලොව පුරා සෛල දන් දෙන්නන් අතරින් අයෙකු සොයා ගැනීම ඇගේ ජීවිතය බේරාගැනීමට විසදුම බවයි වාර්තා වන්නේ





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment