ජාතික ගීය වැරදියට කියපු නිසා අමිතාබ්ට ලොකු ප්‍රශ්ණයක් -VIDEO



පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගියදා ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවැති තරගය ආරම්භයට පෙර ඉන්දීය ජාතික ගීය ගායනා කළ බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන්ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා.

එයට හේතුව අමිතාබ් ජාතික ගීයේ වචන වැරදියට උච්චාරණය කිරීම කියලයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අමිතාබ්ට එරෙහිව මේ සම්බන්ධයෙන් පුද්ගලයෙක් දිල්ලියේ අශෝක් නගර් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් බෙංගාල් ක්‍රිකට් සංගමයේ සභාපති සව්රොව් ගන්ගුලි පවසන්නේ ජාතික ගීය ගායනා කිරීම සඳහා අමිතාබ්ට රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාදෙන්න තීරණය කළ බවයි.

ඒ අමිතාබ්ගේ ගුවන් ගමන් ගාස්තුවට වගේම ආහාර පාන සඳහා පමණක් බවයි ගන්ගුලි පවසන්නේ.

කෙසේ වෙතත් එම මුදල් පවා අමිතාබ් ගෙන නොමැති බවයි වර්තාවන්නේ.
(under the courtesy of nethfm news web



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment