රජයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රකාශයට පත් කිරීම අගමැති යටතට



රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර වශයෙන් බලපානු ලබන ආර්ථිකමය තීන්දු ගැන  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කැබිනට් අනුකාරක සභාව විසින් පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආර්ථික කටයුතු පිළිබද කැබිනට් අනුකාරක සභාව විසිනුයි අදාළ තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව පිළිබද අනුගමනය කරන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කිරීම හේතුවෙන්.

අදාළ තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් අලූත් අවුරුදු නිවාඩුවෙන් පසුව සියලූම අමාත්‍යාංශය වෙත නිළ වශයෙන් දැනුම් දීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment