ශාරුක් ඛාන්ගේ සිංහල සිංදුව (VIDEO)

ලඟදි තිරගත වීමට නියමිත ලෝක ප්‍රසිද්ද නළුවෙකු වන ශාරුක් ඛාන්ගේ ෆෑන් චිත්‍රපටයේ ගීතයක් යශ් රාජ් ෆිල්ම්ස් පුද්ගලික සමාගම සිංහලට පරිවර්තනය කර ඊයේ (11)  අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.  

මෙම ගීතය නම් කර තිබෙන්නේ ලොකුම ෆෑන් යනුවෙනුයි. එය ගායනා කරනු ලබන්නේ ජනප්‍රිය ගායන ශිල්පීයෙකු වන ඉන්ෆාස් නූර්දීන් විසිනුයි. 

යශ් රාජ් ෆිල්ම්ස් පුද්ගලික සමාගම  මෙම ගීතය  සිංහලෙන් මෙන්ම තවත් භාෂා කිහිපයකින්ද නිර්මාණය කර තිබෙනවා. 

මෙම චිත්‍රපටය අප්‍රේල් මස 15 වන දින ඉන්දියාවේ තිරගත වීමට නියමිතයි.

එම ගීතය පහතින් බලන්න
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment