පෙරටුගාමීන් විදෙස් සහයද ඇතුව සටනටක් අරඹයි!



ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සඳහා පුළුල් සටන් පෙරමුණක් අද (02) ආරම්භ කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී සිය සාමාජිකයින්ට පොලිසිය ඊයේ කළ පහරදීම පාදක කරගනිමින් මෙම සටන් පෙරමුණ ආරම්භ කරන බවයි එහි මාධ්‍ය ප‍්‍රකාශක පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ. මේ සඳහා විදේශීය දේශපාලනඥයින්ගෙන් ද සහාය ලබාගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන්නැයි ඉල්ලමින් කිසියම් පිරිසක් ඊයේ පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනවසරයෙන් ඇතුළු වුණා. ඔවුන් විසින් රාජ්‍ය දේපළවලට ද අලාභ සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව බැටන් පොලූ ප‍්‍රහාරයක් එල්ල කර මෙම පිරිස විසුරුවා හැරීමට කි‍්‍රයාකළ බවද පොලිසිය කියා සිටියා. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment