පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන්නැයි ඉල්ලමින් කිසියම් පිරිසක් ඊයේ පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනවසරයෙන් ඇතුළු වුණා. ඔවුන් විසින් රාජ්‍ය දේපළවලට ද අලාභ සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව බැටන් පොලූ ප‍්‍රහාරයක් එල්ල කර මෙම පිරිස විසුරුවා හැරීමට කි‍්‍රයාකළ බවද පොලිසිය කියා සිටියා. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment