සතොස ලාභ ලබයි

මේ වන විට සතොස ආයතන රජයේ කිසිදු මූල්‍යාධාරයක් ලබා නොගෙන ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගැනීමට හැකි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මීට පෙර සතොස ආයතනය පාඩු ලබන ආයතනයක් වශයෙන් පැවැති බවයි.

වසර 12ක් තිස්සේ වසා දමා තිබූ වව්නියාව ප්‍රාදේශිය තොග ගබඩාව යළි විවෘත  කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වව්නියාවෙන් ආරම්භ කෙරෙනු මෙම සතොස ප්‍රාදේශීය තොග ගබඩා දිවයිනේ සෙසු පළාත්වලද ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.සතොස ලාභ ලබයි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment