මැයි රැළියට මහින්දත් එනවාලු

මැයි රැළියට මහින්දත් එනවාලුඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා සහභාගී වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තහවුරු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන මැයි දින රැළියට සහභාගී වන බවට පැතිරයන ආරංචි  මාර්ග සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ගාල්ලේ පැවැත්වෙන මැයි රැලිය සඳහා සහභාගී නොවන බව දිනේෂ්  ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment