අවුරුද්දට ඇඳුම් ගන්න ගිහින් පවුලම ජීවිතේ හැරගිය බව නොදැන රට ඉඳන් ලංකාවට එන පියෙකුගේ සංවේදී කතාව - Photos

අම්බලන්ගොඩ - ගල්දුව දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියක ගැටී ඊයේ (09) පස්වරුවේ සිදුවු අනතුරකින් මවක සහ පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණු පුවතක් ඔබ සමහර විට අසන්නට ඇති. එලෙස මියගිය මවගේ වයස අවුරුදු 28ක් පමණ වන අතර දරුවාගේ වයස අවුරුදු 6ක් බවයි වාර්තා වුණේ.
මේ සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විස්තර සොය බැලීමේදී දැනගන්නට ලැබුණේ මොවුන් ඉතාලියේ පදිංචිව සිට ලංකාවට පැමිණ ඇති බවයි. එලෙස මව දරුවා සමඟින් පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පාසැලකට ඔහුව ඇතුලත් කිරීමට වන අතර පියා තවමත් සිටින්නේ ඉතාලියෙයි. 
සිංහල අවුරුද්ද වෙනුවෙන් ඔහු අද (10) දහවල් 1ට පමණ දිවයිනට පැමිණීමට නියමිත අතර මෙතෙක් ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි අසල්වාසීන් පවසා සිටියේ.
පාසැලේ අවුරුදු උත්වසය වෙනුවෙන් ඇඳුම් ගැනීමට යන අවස්ථාවේ ගේට්ටුකරුගේ අණ නොතකා ස්කූටර් වර්ගයේ යතුරුපැදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කරවීමට මෙම මව උත්සාහ කර ඇති අතර, එහිදී එය දුම්රියෙහි ගැටී තිබෙන බවට වාර්තා වෙනවා.
සිද්ධියෙන් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මව මියගොස් ඇත්තේ ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. අසල්වාසීන් පවසන්නේ පියා දහසක් බලාපොරොත්තු තබාගෙන දිවයිනට පැමිණෙන විට ඔහුගේ පවුලේ සමාජිකයින් දෙදෙනාම මෙලෙස ලොවින් සමුගෙන ඇති බව ඔහුට තවමත් කිසිවෙකු පවසා නැති බවයි.
එය ඔහුට දරාගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. විනාඩියක දෙකක ඉක්මණ ගමන වෙනුවෙන් මෙලෙම අපරික්ෂාකාරී ලෙස ස්කූටරයේ ගමන් කිරීම හදිස්සි නොකළානම් කිසිවෙකුට මේ ආකාරයෙන් දුකක් උරුම නොවනු ඇති බවයි ඔවුන් හැඬු කඳුලින් අප හමුවේ පවසා සිටියේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment