මේ සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විස්තර සොය බැලීමේදී දැනගන්නට ලැබුණේ මොවුන් ඉතාලියේ පදිංචිව සිට ලංකාවට පැමිණ ඇති බවයි. එලෙස මව දරුවා සමඟින් පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පාසැලකට ඔහුව ඇතුලත් කිරීමට වන අතර පියා තවමත් සිටින්නේ ඉතාලියෙයි.
සිංහල අවුරුද්ද වෙනුවෙන් ඔහු අද (10) දහවල් 1ට පමණ දිවයිනට පැමිණීමට නියමිත අතර මෙතෙක් ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි අසල්වාසීන් පවසා සිටියේ.
පාසැලේ අවුරුදු උත්වසය වෙනුවෙන් ඇඳුම් ගැනීමට යන අවස්ථාවේ ගේට්ටුකරුගේ අණ නොතකා ස්කූටර් වර්ගයේ යතුරුපැදිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කරවීමට මෙම මව උත්සාහ කර ඇති අතර, එහිදී එය දුම්රියෙහි ගැටී තිබෙන බවට වාර්තා වෙනවා.
සිද්ධියෙන් දරුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, මව මියගොස් ඇත්තේ ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. අසල්වාසීන් පවසන්නේ පියා දහසක් බලාපොරොත්තු තබාගෙන දිවයිනට පැමිණෙන විට ඔහුගේ පවුලේ සමාජිකයින් දෙදෙනාම මෙලෙස ලොවින් සමුගෙන ඇති බව ඔහුට තවමත් කිසිවෙකු පවසා නැති බවයි.
එය ඔහුට දරාගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. විනාඩියක දෙකක ඉක්මණ ගමන වෙනුවෙන් මෙලෙම අපරික්ෂාකාරී ලෙස ස්කූටරයේ ගමන් කිරීම හදිස්සි නොකළානම් කිසිවෙකුට මේ ආකාරයෙන් දුකක් උරුම නොවනු ඇති බවයි ඔවුන් හැඬු කඳුලින් අප හමුවේ පවසා සිටියේ.




0 comments :
Post a Comment