අනියම් පෙම් සුව විදපු සුභාෂිණී නිදියහනේ මියයද්දී එම නිවසේම සිටි රොෂානුත් ලොවට සමුදුන් හැටි - Photos

වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේදී කාන්තාවක ඝාතනය කළ පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි නසාගෙන තිබුණා. ඊයේ පස්වරුවේ මෙලෙස 32 හැවිරිදි අදාළ කාන්තාව ඝාතනය කර ඇති එම පුද්ගලයා නාත්තණ්ඩිය දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියකට පැන දිවි නසාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 38 ක්. අනියම් සබඳතාවක් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක කරනවා. දුම්රියට පැන සිය දිවි නසාගත් පුද්ගලයා පිළිබඳ දැනුම් දීමට ඔහු පදිංචි නිවසට ගිය අවස්ථාවේදී මියගිය කාන්තාවගේ සිරුර හමුවී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.
මියගිය පුද්ගලයා මීට පෙර විවාහ වී ඇති අයෙක් වන අතර ඔහුගේ බිරිඳ ඉතාලියේ සේවය කරන බව සඳහන්. මරණයට පත්ව ඇති කාන්තාව ද විවාහ වී ඇති එක් දරු මවක් බවටයි අනාවරණ වී ඇත්තේ.
මීට මාස කිහිපයකට පෙර එම කාන්තාව දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති පුද්ගලයාගේ නිවසේ පදිංචියට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නිත්‍යානුකුලව විවාහ වී නොමැති බව ද සඳහන්. 
මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව - උල්හිටියාව පදිංචිව සිටි යූ. සුජිත් රොෂාන් ප්‍රනාන්දු (අවු:38) සහ ඉෂාණි සුභාෂිණී ප්‍රනාන්දු (අවු:30) නම්වූ අනියම් අඹු - සැමි යුවලක්.
ඊයේ (09) දහවල් නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගෙන ඇති බවට මාරවිල පොලීසියට තොරතුරක් ලැබී තිබුණු අතර එම අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරු පැදියක් සහ දින පොත් දෙකක්ද මාරවිල පොලීසිය විසින් සොයා ගෙන තිබුණා.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් දැණුම් දීම සදහා මාරවිල පොලීසියේ උපදෙස් මත වෙන්නප්පුව පොලීසියෙ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇති අයගේ නිවසට ගොස් තිබෙනවා.
නමුත් නිවස වසා දමා තිබීම ‍‍හේතුවෙන් අසල්වැසියන් සමඟ එක්ව නිවසේ ජනේලයක් විවෘත කර බැලීමට උප පොලීස් පරීක්ෂකවරයා කටයුතු කර ඇති අතර එහිදී දැක ගැනීමට ලැබී ඇත්තේ නිවසේ කාමරයක් තුළ ඇඳක් මත ඉෂාණි සුභාෂිණී නම්වූ කාන්තාව මිය ගොස් ඇති ආකාරයයි.
මීට මාස දෙකකට පමණ පෙර සුජිත් රොෂාන් යන අය ඉෂාණි සුභාෂීණීව තම නිවසට කැදවාගෙන විත් ඇත. දෙදෙනාගේම දරුවන් ඔවුන්ගේ මව්පියන් බාරයේ සිට ඇත. ඒ නිසා මොවුන් දෙදෙනා විවාහ වී නොමැති නමුත් අඹු - සැමියන් ලෙස ජීවත් වී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment