දුම්රිය මාර්ගයේ අතරමංව සිටි හදුන් දිවියෙකු හැටන් සාත්තු නිවාස පාරේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පොලිසියට භාරදී තිබෙනවා.
මෙම හදුන් දිවියා හැටන් දුම්රිය ස්ථානයේ මල්ලිඅප්පු ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සිටියදී බළල් පැටියෙක් යැයි සිතා පුද්ගලයෙකු නිවසට රැගෙන ගොස් තිබෙනවා.
පසුව පරීක්ෂා කර බැලීමේදී මේ බලල් පැටියෙකු නොව හදුන් දිවියෙකු බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා.
මාස තුනක් පමණ වයසැති මේ හදුන් දිවියා සිය මවගෙන් මගහැරී අතරමංව සිටින්නට ඇති බවයි ඔවුන් පැවසුවේ.
කොහොම වුණත් මේ හදුන් දිවියා හැටන් පොලිසියට භාරදීමට ඔවුන් පියවර ගෙන ඇති අතර පසුව නල්ලතන්ණිය වනජීවී කාර්යාල නිලධාරීන්ට භාරදී තිබෙනවා.






0 comments :
Post a Comment