පළාත් පාලන මැතිවරණය අගෝස්තුද?

පළාත් පාලන මැතිවරණය අගෝස්තු මාසයේදී පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මේ වන විට දැඩි කතා බහක් මතුව ඇති අතර එය පැවැත්වීම ලබන වසරේදී සිදු කරනු ඇති බව මීට පෙර ප්‍රකාශ කෙරු‍ණි.

සීමානිර්ණය කටයුතු අවසන්ව නොතිබීම මීට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, දැනට සීමා නිර්ණය කටයුතු අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල හෝ ඡන්ද විමසීම සිදු කිරීමට මේ වන විට තීරණය වී තිබේ.

පළාත් පාලන ආයතන නිලධාරී පාලනය යටතේ පැවැතීම හේතුවෙන් මේ වන විට ගැටළු රැසක් මතුව ඇති අතර, මහජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කෙරෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉතා කඩිනමින් සිදු කළ යුතු බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ අගෝස්තු මාසයේදී පළාත් පාලන ඡන්ද විමසීම සිදු කිරීම සඳහා  දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ පිළිබඳව පසුගියදා සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුත්තක් බව පෙන්වා දෙන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ මැතිවරණය කඩිනමින් පවත්වා ජනතාවට සාධාරණයක් ඉටු කර දිය යුතු බවයි.පළාත් පාලන මැතිවරණය අගෝස්තුද?
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment