ආදරය හොයාගෙන පැනලා ගිය සුභාෂිනී ආපහු ගෙදර ඇවිත් පාළු වත්තකදී ආදරවන්තයාගේම ගොඳුරක් වුණු හැටි- වීඩියෝ

ආදරේට සීමා මායිම් නෑ කියනවා වගේම ආදරේ නිසා තමන්ගේ ජීවිතෙත් නැති කරගෙන අනිත් අයටත් ජීවිතේ නැති කරන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ.
 
දිලිනි සුභාෂණි කියන්නේ වයස අවුරුදු 18ක් වෙන තරුණියක්. ඇය අවුරුදු 16දී තරුණයෙක් එක්ක ගෙදරින් පැනලා ගිහින් ආයෙත් ගෙදර ඇවිත් අම්මත් එක්ක එකට ජීවත් වෙලා තියෙනවා.

ගෙදර හිටපු මෙයා එකපාරටම අතුරුදන් වෙලා නිසා අම්මා අසල්වාසීන් එක්ක දිලිනිව හොයන්න ගිහින්. ඒත් එයාව හොයාගන්න බැරිවෙලා නිසා ඇයගේ මව මේ ගැන පොලිසිය දැනුවත් කරලා. 
කොහොම හරි අම්මා කඩේ යන වෙලාවක ඒ ළඟ තිබුණු තේ වත්තක තිබිලා දිලිනිගේ මළසිරුර හොයාගෙන තියෙනවා.
ගෙදරින් අතුරුදන් වුණු දියණිය මේ විදියට තමන්ව දාලා ගියේ මොන හේතුවක් නිසාද කියලා අම්මට තාමත් ප්‍රශ්නයක්. කොහොම වුනත් ඇය සැකකරන්නේ මේ වැඩේ කරලා තියෙන්නේ දුව එක්ක කළින් සම්බන්ධයෙක් තිබුණු තරුණයා කියලා.
ඒ වගේම ඇයව දූෂණය කරලා මරලා දාලා කියලා පොලිසිය සැක කරනවා. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment