'ගීතා මහින්දවත්, මෛත්‍රීවත් රැවැට්ටුවා' - ගයාන් සිරිමාන්න   

'ගීතා මහින්දවත්, මෛත්‍රීවත් රැවැට්ටුවා' - ගයාන් සිරිමාන්න   

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම රැවැට්ටුවා යැයි   ශ්‍රි.ල.නි.පයේ බෙන්තර - ඇල්පිටිය ආසනයේ සම සංවිධායක ගයාන් සිරිමාන්න මහතා පවසයි.

ගාල්ල ලබුදුව දක්ෂිණපායේ පැවති මාධ්‍ය හමුවකදි  සිරිමාන්න මහතා මේ බව සදහන් කළේය. 

හෙතෙම මෙසේද කීවේය.

“සංවිධායක තුමිය ගමේ නැහැ. එතුමිය සංවිධායක ධුරය ගත්තු දවසේ ඉදලා පාවිච්චි කළේ නාවල ගෙදර. පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් පාවිච්චි කළේ එහෙමයි. එතුමිය විශ්වාස කරන්න බැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඇය රැවැට්ටුවා. එතුමිය තුල තියෙන්නේ රැවටිම තුල රඟපැමක් විතරයි. හිටපු සංවිධායකතුමියගෙන් සමාජයට, පක්ෂයට හා පාක්ෂිකයින්ට වන සේවාවක් නැහැ. එතුමිය නැහැ කියලා බලපෑමක් වෙන්නෙත් නැහැ. එහෙම බලපෑමක් කරන්න එතුමියට ශක්තියක් නැහැ.

“එතුමිය පුද්ගලික දේශපාලන ජවනිකාවක් තමයි රගපාන්නේ. එතුමියගේ දේශපාලනය තුල තිබුණේ මාධ්‍යයට වොයිස් කට් එකක් දීලා ලකුණු දමා ගැනිම පමණයි. පාක්ෂිකයින් ගැන සොයා බැලුවේ නැහැ.  නායකයින් දෝලනය වුනාට පාක්ෂිකයින් නියම මතයේ ඉන්නවා.“ යැයිද සිරිමාන්න මහතා පැවසී ය.

ගාල්ල - ලලිත් චාමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment