ජනමාධ්‍යයේ පරිවර්ථනයකට නිර්දේශ 100ක්

ජනමාධ්‍යයේ පරිවර්ථනයකට නිර්දේශ 100ක්

මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්ථනයක් සඳහා වූ නිර්දේශ 100ක් අද (03) දින එළිදැක්වීමට නියමිතය.

ඒ අදට යෙදී තිබෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙනි. 

එම නිර්දේශ ඇතුළත් වාර්තාව මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය සඳහා වන ලේකම් කාර්යාලය විසින් සකස් කර තිබේ.

කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවැත්වෙන උත්සවයක දී මෙම වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය. 

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සහ තවත් දේශපාලන නායකයින් රැසක් ද මේ සඳහා සහභාගි වන බව මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය සඳහා වන ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මේ අතර ජනමාධ්‍ය සම්බන්ධයෙන් පෙරට වඩා සුභදායී තත්ත්වයක් ශ‍්‍රී ලංකාවේ දැන් නිර්මාණය වෙමින් ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

ශ‍්‍රී ලංකා පත‍්‍ර කලා සංගමය ද ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මාධ්‍ය නිදහස හා පහසුකම් ඉල්ලා සිටිනවා සේම තමන්ගෙන් වන අඩුපාඩු හඳුනාගැනීමට ද ජනමාධ්‍යවේදීන් මෙය අවස්ථාවක් කරගත යුතු බවයි. 

මේ අතර ‘‘නූතන ජනමාධ්‍ය ප‍්‍රවණතා හා ජනතා අපේක්ෂා’’ යන මැයෙන් සංවිධාන කෙරුණු වැඩමුළුවක් ද අද (03) පැවැත්වීමට නියමිතය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරවරු 9.00ට මෙම වැඩමුළුව ආරම්භ වේ.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද ඊට සහභාගි වීමට නියමිත අතර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව එහි සංවිධාන කටයුතු සිදුකරයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment