'විමල් කුණු බක්කියට වැටෙන කාලේ එන්නේ' - පියසේන ගමගේ 

'විමල් කුණු බක්කියට වැටෙන කාලේ එන්නේ' - පියසේන ගමගේ 

අවසර ගැනීමේ දී මහින්ද යනුවෙන් සඳහන් කළ ද රාජපක්ෂ යන කොටස එතරම් ප්‍රකාශ නොවුන බව හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා සඳහන් කරයි.

ශ්‍රීලනිප මැයි රැළියේ අවසර ගැනිමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ නම කියවිම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසූවේ ගාල්ල ලබුදුව දක්ෂිණපායේ ඊයේ (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී ය.  

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන පියසේන ගමගේ මහතා, "මම ප්‍රභාකරන්ගේ නම කිවේ නැහැනේ, රනිල් වික්‍රමසිංහගේ නම කිව්වේ නැහැ. මහින්ද මහත්තයා තාම අපේ පක්ෂයේ අනුශාසකනේ.

මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ හිටපු සභාපති, දැනටත් අපේ පක්ෂයේ අනුශාසක එතුමාටත් ගාල්ලේ මැයි රැළියට එන්න කියලා ආරාධනා කරලා තිබුනා. නම කියවුනා කියලා ඕක එතරම් දෙයක් නෙවෙයි. සම්පූර්ණ නම කියැවුනේ නැහැනේ. අපේ තව කෙනෙකුටත් මහින්ද මහත්තයාගේ නම කියවුනා. නමුත් වර්ෂාව නිසා ඇහුනේ නැහැ.

විමල් විරවංශ කියලා තිබුනා ගාල්ල සමනළ ක්‍රිඩාංගණය හරක් ලගින තැනක් බව. දැන් නැවත හරක් ලගින්න පටන් ගත්තා කියලා කියලා තිබුනා. විමල් විරවංශගේ කතා ගැන අපි දන්නවනේ. ඔහු ඔය වගේ කතාවක් කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේ දි මහින්ද මහත්තයාගේ පරාජයටත් විමල් විරවංශගේ කතා හේතු වුනා. විමල් විරවංශ ශ්‍රීලනිප පාක්ෂිකයින්ට අපහාස කිරිම හා නිග්‍රහ කිරීම ගැන අප කණගාටු වෙනවා. එයාගේ ඔළුවේ අමාරුවක් ඇති. දැන් ඕක සනීප කරන්න බැහැ ඔද්දල් වී යාවි. දැන් විමල්ලා කුණු බක්කියට වැටෙන කාළේ එන්නේ. විමල් විරවංශගේ මේ කතාව අපි දැඩි ලෙස හෙළා දකිනවා.

ගාල්ලේ මැයි රැළිය ‍ඓතිහාසික මැයි රැළියක්. දැවැන්ත ජනතාවක් ඒ සඳහා සහභාගි වුනා. දෙමළ, මුස්ලිම් විශාල පිරිසක් එම මැයි රැළිය සඳහා සහභාගි වුනා. සෑම ගමක පිරිසිදු ශ්‍රීලනිප පාක්ෂිකයින් ගාල්ලේ මැයි රැළියට එක් වුනා." යනුවෙන් සඳහන් කළේ ය.

ගාල්ල - ලලිත් චාමින්ද

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment