පොලිස් මාධ්‍ය ඒකකය නව මුහුණුවරකින්

පොලිස් මාධ්‍ය ඒකකය නව මුහුණුවරකින්

තාවකාලිකව අත්හිටුවනු ලැබූ පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රතිසන්ධානය කර කඩිනමින් යළි ක්‍රියාත්මක කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය පිළිබඳ දැනුමක් සහිත නිලධාරීන්ගෙන් සමන්විතව විධිමත් ආකාරයෙන් එම ඒකකය යළි පිහිටුවීමට පියවර ගන්නා බව නව පොලිස්පතිවරයා කියාසිටී.

පොලිස් මාධ්‍ය ඒකකයේ සියලු කටයුතු ඊයේ (02) පස්වරුවේ සිට තාවකාලිකව අත්හිටුවීමට පොලිස්පතිවරයා නියෝග කර තිබූ අතර ඒ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට ද දැනුම්දුන් බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියේ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු  කමිටුවක් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment