මැතිසබේ ගුටි කෙළිය ගැන තීරණයට කාරක සභාව රැස්වෙයි

මැතිසබේ ගුටි කෙළිය ගැන තීරණයට කාරක සභාව රැස්වෙයි

පාර්ලිමේන්තු සභා ගර්භයේ පෙරේදා (03) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කැඳවා තිබේ. 

ඒ අනුව අද පෙරවරු 9 ට රැස්වූ මෙම කමිටුවේදී මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව කථානායක කරූ ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසී ය. 

සිද්ධිය පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ද නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති විසින් කථානායකවරයා වෙත ඊයේ භාර දී තිබිණි.

ගුටිබැට හුවමාරුව සම්බන්ධව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම සහ (එජාප) ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ප්‍රසන්න රණවීර (එජනිස) යන මන්ත්‍රීවරුන්ට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගත යුතු යෑයි ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ ද්වි පුද්ගල කමිටුව කථානායකවරයාට නිර්දේශ කර ඇත.

එසේම සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ යෙදුනු මන්ත්‍රිවරුන්ටද දැඩිව අවවාද කළ යුතු බව එහි සඳහන්ව ඇත. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment