වැඩිහිටියන් පාරේ දමා යන දරුවන්ගේ දේපළ රාජසන්තක කරන්න නීති





මහමග අතහැර යන සහ දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කළ හැකි නීති ගෙන එන බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසා තිබේ.

මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපළ වලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටළු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරණය වීමෙන් පසු මෙවැනි පියවරක් ගත යුතු බවට ඇමැතිවරයා යෝජනා කලේ ඊයේ (30) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැත්වූ පලාත් සමාජ සේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදීය.
එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ගේ ඡායාරූප හා විස්තර මුලින් ප්‍රසිද්ධ කර ලඟම ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා, එවිට ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපළ වලට හිමිකම් කිව නොහැකි වන සේ නීති රීති සකස් කළ යුතු බවද පෙන්වා දී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment