හිටපු ජනපතිට ආණ්ඩු පෙරළීමට ඉඩදෙන්න බෑ - ඇමති විජයමුණි  

හිටපු ජනපතිවරයාට බැටෑලියන් තියාගෙන රට වටේ ගොස් ආණ්ඩු පෙරළීමට ඉඩදිය නොහැකි යැයි වාරිමාර්ග ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව ප්‍ර‍කාශ කළේය.
‘මිලිටරි මානසිකත්වයක් තිබෙන අය මිලිටරි තියෙනවාට කැමතියි. 

අන්තවාදී හා පැසිස්ට්වාදී ක්‍රමවලට එයා කැමතියි. මේක යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ ජාතික සංහිඳියාව ඇති කරන ආණ්ඩුවක් හැටියට වෙනස් ක්‍රමවේදවලට අපි කාටවත් ඉඩ තියන්නේ නෑ. ආරක්ෂාව සැලසිය යුත්තේ පොලිසිය මගිනුයි‘ යැයිද ඔහු පැවසී ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment