මර්වින්, මුතුහෙට්ටිගම හා සජින් වාස් ගැන අලුත් කතාවක් (VIDEO)

මර්වින්, මුතුහෙට්ටිගම හා සජින් වාස් ගැන අලුත් කතාවක් (VIDEO)

මර්වින් සිල්වා, සජින් වාස් සහ නිශාන්ත මුතුහෙට්ටිගම වැනි පුද්ගලයින් නිසා මහින්ද රාජපක්ෂ මහතා අපකීර්තියට ලක් වූ බවත් පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට බලපෑ හේතුව එය බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කොළඹ දී අද (02) පැවැති මාධ්‍ය හමුවක් අතරතුර දී ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ය.

වසර දෙකක පමණ කාලයක් තිස්සේ රහසිගතව සිදු කරමින් ආ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පරාජය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැන්නවුන් මාධ්‍ය හමුවේ පැවසූ බව ද ගම්මන්පිල මහතා සිහිපත් කළේ ය.

අද වන විට ආණ්ඩුවේ උකුළේ සිටින මර්වින් සිල්වා සහ සජින් වාස් වැන්නවුන් පසුගිය වසර ගණනාව පුරාම රාජපක්ෂ ආණ්ඩුව අපකීර්තියට පත් වන අයුරින් කටයුතු කළේ "චන්ද්‍රිකා - රාජිත සැලැස්මේ" කොටසක් ලෙස බවට සාධාරණ සැකයක් ඇති වන බවයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment