ෆෙඩරල් දෙන්න සිංහල ජනතාව ජනවාරි 9 වැනිදා කැමත්ත දුන්නා

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ මතය විමසීම සඳහා උතුරු නැගෙනහිර ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා රජයෙන් ඉල්ලා තිබේ.උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට නිවැරදි බලය බෙදාහැරීමක්‌ අවශ්‍ය බව පවසන සම්බන්ධන් ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව සහ ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල ද බලය විමධ්‍යගත කර ඇති බවත් ෆෙඩරල් ලබාදෙන බව පැවසුවේ සිංහල ජනතාව බවත් එය පසුගිය ජනාධිපතිවරණයේදී සිංහල ජනතාව තහවුරු කර ඇති බවද ඔහු පවසා තිබේ.

මේ අතර යාපනයේ මරදනාල්මඩම් රාමනාදන් පාසල් භූමියේ පැවැති දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැලියේදී ද ෆෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්දිරන් අවධාරණය කර තිබේ.එක රටක්‌ තුළ දෙමළ ජනතා අයිතිවාසිකම් රැකෙන ෆෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සදහා යන ගමන මේ වනවිට සුබදායී බවත් ඔහු පෙන්වා දි තිබේ.දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම, හමුදාව අත්පත් කරගෙන සිටින දෙමළ ජනතාවට අයත් ඉඩම් ලබාගැනීම,ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටුකර ගැනිම,යුධ අපරාධකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්විම ඇතුලු යෝජනා 20 ක්‌ මැයි දින රැලියේදී සම්මත කරගෙන තිබේ.

tamil-arasu-katchi-may-day-06 tna-3 w8

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment