14 වියැති සිසුවියක් ගැබ් ගනී

වයස අවුරුදු 14ක බාල වයස්කාර පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියක් බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතුයායකින් වාර්තා වේ.

එම පාසල් දැරිය දින කිහිපයක සිට රෝගයකින් පෙලෙන බව පවසා ඇති අතර එම දැරියගේ දෙමවිපියන් විසින් ඇයව රෝහල් ගත කිරිමෙන් පසු ඇය ගැබ් ගෙන ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන තිබේ.

එම දැරියව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥය වෛද්‍යවරයා වෙත යොමුකරන බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් බගවන්තලාව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිසිය මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ.

රංජිත් රාජපක්ෂ - හැටන්
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment