ලංකාවේ ජයන්ති සමගින් එවරස්ට් තරණයට ගිය දෙදෙනෙකු මරුට

ලංකාවේ ජයන්ති සමගින් එවරස්ට් තරණයට ගිය දෙදෙනෙකු මරුට

ජයන්ති කුරුඋතුම්පාල ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට පෙරේදා(21) සමත් විය. 

ඇය සමග එවරස්ට් තරණයට එක්වූ යොහාන් පීරිස් එවරස්ට් ශිකරයේ වේදිකාව  ලෙස හැදින්වෙන ඉහළ තලයට පිවිසීම ද විශේෂත්වයකි. 

කෙසේ නමුත් ඔවුන් සමග එවරස්ට් කඳු මුදුනට ළගා වූ කඳු නගින්නන්  කණ්ඩායම අතර සිටි දෙදෙනෙකු කන්ද බැසීමේදී මියගොස් ඇතැයි වාර්තා වේ.

එවරස්ට් ශිකරයේ ඉහළින්ම පිහිටි කඳු නගින්නන්ගේ කඳවුර වෙත පැමිණි නෙදර්ලන්ත ජාතිකයෙකු සහ  ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඉහළ කදු මුදුනේ අධික ශීතල නිසා ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස මියගොස් ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment