අරණායකින් තවත් සිරුරු අටක් - ආපදා මරණ 84 දක්වා ඉහළට

අරණායකින් තවත් සිරුරු අටක් - ආපදා මරණ 84 දක්වා ඉහළට

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 116 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර යන දිස්ත‍්‍රික්ක හතට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මක බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ කඳු නායයෑම හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ 14 ක්‌ ඊයේ වන විට සොයාගෙන තිබෙන බවත් තවත් දෙදෙනෙක්‌ අතුරුදන්ව ඇති බවත් ඔහු පැවසීය. අරණායක නායයෑමෙන් නිවාස 80 ක්‌ ද, බුලත්කොහුපිටියේ නායයෑමෙන් නිවාස 20 ක්‌ ද සම්පූර්ණයෙන් හානි වී ඇතැයි ද කොඩිප්පිලි මහතා කීවේය.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 476 ක්‌ සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 3699 කට අර්ධ හානි වී ඇති බවට වාර්තා වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මේ අතර අරණායක සාමසර කන්ද නායයෑමෙන් අතුරුදන් වූ තවත් අටදෙනකුගේ සිරුරු යුද හමුදාව විසින් ඊයේ (22) සොයාගෙන තිබේ.

එමෙන්ම කඳු මුදුනේ ඉහළපෙදෙස්තුළ තවත් මළසිරුරු ඇතැයි සැකකරන අතර, අරණායක නැරඹීමට පැමිණෙන පිරිස් වැඩිවීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු සඳහා දැඩිලෙස බාධා ඇතිව තිබේ.

අරණායක මෙහෙයුම ඇරඹි දා සිට මේ දක්වා මළසිරුරු 32ක් පමණ හමුවී ඇති අතර, තවත් සියයකට වැඩි පිරිසකගේ තොරතුරු ලැබී නැතැයිද යුද හමුදාව පවසයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment