ගංවතුරින් අවතැන් වූ ජනතාවගේ සුවදුක් බැලීම සඳහා පෙරේදා (21) වැල්ලම්පිටිය ප්‍රදේශයට ගිය ආණ්‌ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනකුටම එම ජනතාව හූ කියමින් දැඩි විරෝධය දක්‌වා තිබේ.
“මෙච්චර විපතක් වෙලා දවස් ගාණකට පස්‌සේ අද තමයි මේ ගොල්ලෝ එන්නේ. ඡන්දේ ගන්න කොට කොහොමද? අපිට කරදරයක් වුණාම පැත්ත පළාතේ එන්නේ නැහැ. දැන් බොරුවට එනවා. පින්තූර ගහලා බෝට්‌ටු සවාරියේ යන්න. පසුගිය දවස් ටිකේ එක මන්ත්‍රීවරයෙක් මේ පැත්ත පළාතට ආවේ නැහැ. දැන් තමයි ඔක්‌කොටම සත්ත කරුණාව පහළ වෙලා තියෙන්නේ. මීඩියා එකටයි අහිංසක ජනතාවටයි පින් සිද්ධ වෙන්න ඕනෑ අපිට මේ විපත වෙච්ච වෙලාවේ ඉඳලා උදව් කරන එකට“ යැයි ආවේගයට පත් අයෙකු පවසා ඇත.
බෝට්‌ටුවේ පැමිණි ඇමතිවරුන් වතුරට බැස ජනතාව අතරට ගිය විට ඔවුන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.
මෙම ඇමැතිවරුන් බෝට්‌ටුවේ යමින් ඡායාරූප ගනිමින් බෝට්‌ටු සවාරියේ යෙදුණු බවද එම ජනතාව පැවසූහ.
අපහසුතාවයට පත් ඇමැතිවරුන් පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද පැමිණි බෝට්‌ටුවලම නැගී පිටව ගොස් තිබේ.
0 comments :
Post a Comment