සරසවි සිසුවා බිලිගත් කිරුළපන මැයි රැලියට ආ බස් රථ රියදුරු දැලේ  

සරසවි සිසුවා බිලිගත් කිරුළපන මැයි රැලියට ආ බස් රථ රියදුරු දැලේ  

කිරුළපන පැවැති මැයි රැලියට සහභාගි වූ පිරිසක් රැගෙන එමින් සිටි පෞද්ගලික බස් රථයක් පෙරේදා (01) රාත්‍රි 8.45ට පමණ ගන්දර පොලිස් ස්ථානය ආසන්නයේ මාර්ගය අයිනේ සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු යට කර පලාගොස් ඇති අතර එම තරුණයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ශිෂ්‍යයකු වන 24 හැවිරිදි මොහොමඩ් අහමදු සග්රි නමැති තරුණයා මෙසේ මියගොස් ඇත.

කිරුළපන පැවැති මැයි රැලියට එම බස් රථයෙන් අදාළ පිරිස රැගෙන ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත් කාංචන විජේසේකර මහතා විසින් බව වාර්තා වේ.

ගන්දර පොලිසියෙන් ලැබුණ තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ දික්වැල්ල පොලිසිය මාර්ග බාධක යොදා බස් රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී පොල්ගහමුල්ල ප්‍රදේශයේදී බස් රථය මාර්ගයේ දමා එහි රියැදුරු හා කොන්දොස්තර පලා ගොස් තිබියදී දික්වැල්ල පොලිසිය විසින් ඊයේ (02) පොල්ගහමුල්ල ප්‍රදේශයේදී පදිංචි 30 හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳ ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment