ජනමාධ්‍ය ලේකම්ට රනිල්ගෙන් දැඩි අවවාද

ජනමාධ්‍ය ලේකම්ට රනිල්ගෙන් දැඩි අවවාද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාට ඊයේ (02) දැඩි ලෙස අවවාද කර ඇතැයි වාර්තා වේ.

දේශපාලන කටයුතුවලට අදාළ සිද්ධි සම්බන්ධ මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසටයි මෙසේ අවවාද කර තිබෙන්නේ.

එමෙන්ම යහපාලන ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිවලට යටත්ව විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස්‌ අනුව මින් ඉදිරියට රාජකාරි කටයුතු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා විසින් බෝපගේ මහතාට දන්වා ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්‍ෂයේ නාමය ප්‍රවර්ධනය කිරීමට හවුල් නොවන ලෙස දන්වා සියලු මාධ්‍ය වෙත එවා තිබූ නිවේදන සම්බන්ධව කරුණු විමසීමට අගමැතිවරයා විසින් ඊයේ ජනමාධ්‍ය ලේකම්වරයා අරලියගහ මන්දිරයට කැඳවූ අතර අදාළ සිද්ධිය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද දැනුවත් කරන බව මෙහිදී අගමැතිවරයා පවසා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment