පාස්පෝට්‍ සිද්ධිය නිසා විමල්ට නඩු

පාස්පෝට්‍ සිද්ධිය නිසා විමල්ට නඩු

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයකින් කටුනායක ගුවන් තොටුපළින් විදේශගත වීමට තැත් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශගත වීම් වැළැක්වීමේ අංශය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (03) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර මැල්වත්ත මහතා ඉදිරියේ නඩු පවරන ලදී. 

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බල පත්‍රයක් පාවිච්චි කරන ලදැයි කියන චෝදනාව යටතේ නඩු පැවරීමෙන් අනතුරුව වීරවංශ මහතා තමාට එරෙහිව නවතා තිබූ චෝදනාවට නිවැරැදිකරු බව ප්‍රකාශ කර සිටියේය.

අවිධිමත් විදේශගමන් බලපත්‍රයකින් විදේශගතවීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආ විට වීරවංශ මහතා ගුවන්තොටුපළේ බලධාරීන් විසින් 2015 ඔක්තෝබර් මස 23 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද අතර වසර කිහිපයක් විදේශගතවීම සඳහා වීරවංශ මහතා පාවිච්චි කරන ලදැයි කියන ගමන් බලපත්‍රය නැතිවූ බවට පොලිසියට පැමිණිලි කර ඉන් අනතුරුව අලුත් විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබේ.

ඉන් පසුව පරණ ගුවන් ගමන් බලපත අවලංගු කර තිබුණත් පසුව 2015 ඔක්තෝබර් මස 23 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශගත වීමට පැමිණි වීරවංශ මහතා පෙර නැතිවූ බව කියන විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තිබෙන බැව් පැවසේ.

එහිදී ගුවන්තොටුපළේ ආගමන විගමන නිලධාරීන් එම විදෙස් ගමන්බලපත්‍රය අවලංගු බවත් එයින් විදේශගතවීමට ඉඩ නැති බවත් දක්වා වැඩිදුර විමර්ශන සඳහා ඒ මහතා ගුවන් තොටුපළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. වීරවංශ මහතා එමිරේට්ස් ගුවන් යානයක් මඟින් ප්‍රංශය, ඩුබායි, ඇතුළු රටවල් 4කට යාම සඳහා ගුවන් තොටුපළට පැමිණ තිබෙන්නේ 2015 ඔක්තෝබර් මස 23 වැනිදායි.

නැතිවූ විදේශ ගමන් බලපත්‍රය යළි හමුවුවහොත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම්දිය යුතු වන අතර එම අවලංගු වූ ගමන්බලපත්‍රය පාවිච්චි කළහොත් එය බරපතළ වරදක් බැව් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment