'පත්තරකාරයෙක් මේ රටේ ජනාධිපති වුණා' - ජනපති කියයි (VIDEO)

'පත්තරකාරයෙක් මේ රටේ ජනාධිපති වුණා' - ජනපති කියයි (VIDEO)

මානව සමාජයේ යහපැවැත්ම සහ ප‍්‍රබුද්ධ ජන සමාජයක් ගොඩනැගීම සඳහා වූ සිය වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන බලධාරින් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

විවේචන, චෝදනා, අඩු පාඩු පෙන්වාදීම මෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් සත්‍ය ඇති සැටියෙන් ජනතාව අතරට ගෙන යමින්, ජනතාවට නිවැරදි තොරතුරු ලබාදිම මාධ්‍ය ආයතනවල සහ මාධ්‍යවේදින්ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමය විසින් සම්පාදනය කරන ලද යෝජනා මාලාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ඊයේ (03) දහවල් කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සිදු වූ අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

වසර 3ක් පමණ ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ බවත් මාධ්‍යවේදියෙක්, පත්තරකාරයෙක් මේ රටේ ජනාධිපති වුණා කියලා මාධ්‍ය වේදීන්ට සතුටු විය හැකි බවත් 

රටේ දීර්ඝ කාලීන හඩක් බවට පත්ව ඇති තොරතුරු දැන ගැනීමේ පනත ද ළගදීම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය,

“ජනමාධ්‍ය නිදහස, ඒවගේම මාධ්‍යවේදියාගේ අයිතිය ඒ ආයතන ශක්තිමත් කිරීම ඒ ආයතන පෝෂණය කිරීම ඒ වෙනුවෙන් රජයක් කළ හැකි කළ යුතු සියලු කාර්යයන් ඉටු කිරීම අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට පැහැදිලිව පිලිඅරගෙන ඉන්නවා වගේම ඒ වෙනුවෙන් අපි විසින් කළ හැකි කළ යුතු සියලු දේ අපේ රජය විදියට ඉටු කරනවා. මම දරණ මතය තමයි ලෝකයේ පාලනය කරන්නේ, දේශපාලඥයෝ නෙමෙයි මාධ්‍ය බලධාරීන් කියන එක. අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳව තවත් මාධ්‍ය ආයතනම අපිට පැමිණිලි කරනවා. නිදහස සහ ඒ සියල්ල පෝෂණය කරනවා වගේම ආරක්ෂා කරනවා වගේම සුරක්ෂිත කරනවා වගේම මාධ්‍ය ආයතන භාර බලධාරීන් කල්පනා කරන්නට ඕනේ තමන්ගේ කටයුතු කිරීමේදී විශේෂයෙන්. විශේෂයෙන්ම වෙබ් අඩවි කොතෙක් දුරට සිය නිදහස අනිසි විදියට පාවිච්චි කරනවාද කියන කාරණාව“ 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment