ජනමාධ්‍ය ලේකම් ස්වයංවාරණයක් පනවා ගනී

ජනමාධ්‍ය ලේකම් ස්වයංවාරණයක් පනවා ගනී

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යකරන්නාවූ  යටිතල පහසුකම් සපයනවා හැරෙන්නට මාධ්‍ය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් නොකිරීමට ස්වයංවාරණයක් පනවා ගන්නා බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශකොට තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් 'ජනමාධ්‍යයේ නූතන ප්‍රවණතා හා ජනතා අපේක්ෂා' මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට සහභාගීවෙමිනි.

පසුගිය දින කිහිපයේදී තමාට මාධ්‍යවලින් කිසිම ඉඩක් නොලැබුණු බවත්, තමාගේ කතාව තුළ සැඟවුණු න්‍යාය පත්‍ර නොමැති බවත් ඒ මහතා මෙහිදී කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ තමා මාධ්‍ය පිළිබඳව විශේෂඥයෙකු නොවන නිසා මාධ්‍යවලට උගන්වන්නට නොයන බවත්, තමා කිසිම අවස්ථාවකදී මාධ්‍ය වාරණයක් ගැන කතා නොකළ බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment