තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වාදී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද(03) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න පරීක්ෂා කර බලා තීරණයක් ලබාදීමට එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබිණි.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී ඇත්තේ එහි වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය සම්මත කරන්නේනම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත විය යුතු බවයි.
එහෙත් මෙම වගන්ති සංශෝධනය කරන්නේ නම් සාමාන්‍ය පනතක් සම්මත කරන අයුරින් බහුතර බලයකින් සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසී ය.

0 comments :
Post a Comment