රයිසින් පූනේ සුපර්ගෙයින්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට ද ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වී තිබේ.
ඒ ඔහු මැණික් කටුවේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. පූනේ කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩකයන්වන කෙවින් පීටර්සන්, ෆෆ් ඩු ප්ලෙසි, මිචෙල් මාෂ් යන ක්‍රීඩකයන්ට ද ආබාධ හේතුවෙන් මීට ඉහත දී තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.
මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් පූනේ කණ්ඩායමයට ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ක්‍රීඩා කරන අතර මෙවර තරගාවලියේ දී ඔවුන්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. ප්‍රසාද ලකුණු සටහනේ පූනේ කණ්ඩායම රැඳී සිටින්නේ 06වැනි ස්ථානයේ ය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment