සීකාවලින් නොසිතූ ප්‍රතිඵල

මදුරුවන් මගින් ප්‍රචාරණයවන නූපන් දරුවන්ගේ හිසේ විකෘතිතා ඇති කරන සීකා වෛරසය කලින් සිතා සිටියාටත් වඩා දරුණු ප්‍රතිඵල ගෙන දෙන බව බ්‍රසීල විද්‍යාඥයන් කණ්ඩායමක් ප්‍රකාශ කර තිබේ.

එම වෛරසයෙන් දරුණු ආකාරයේ ස්නායු ආබාධ රැසක් ඇතිවන අතර ආසාධිත ගැබිණි මව්වරුන් පහෙන් එකකම කළලවලට බලපාන බව මේ වනවිට සොයාගෙන ඇත.

බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල වෛරසය පැතිරීම මේ වනවිට මන්දගාමී වී ඇති අතර රෝගය වැළැක්වීමේ පියවර පිළිබඳ දැනුවත් කිරීම් ඒ සඳහා ඉවහල් වී ඇති බව වාර්තා වේ. කෙසේ වුව ද සීකා වෛරසයට එන්නතක් සොයා ගැනීම තවමත් ප්‍රාථමික මට්ටමක පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment