එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින උතුරු මැද පළාත් සභාවේ වාරිමාර්ග ඉඩම් සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා මෙවර මැයි දිනයේදී ගාල්ලේ පැවැති නිදහස් සන්ධාන මැයි රැළියට මෙන්ම කිරුළපන පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ද සහභාගි වී ඇති බව වාර්තාවේ.
ඔහු සදහන් කර ඇත්තේ තමා පක්ෂය දෙකඩවීමට අකමැති නිසා මෙලෙස රැළි දෙකටම සහභාගි වූ බවයි. ඒ අනුව මෙම රැළි දෙකටම සහභාගිවීමට උතුරු මැද පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා මෙම රැළි දෙකටම සහභාගි වී තිබේ.
කොළඹ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පැවැත්වීමෙන් ඵලක් නොවන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හෘද සාක්ෂියට එකඟව ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගි වූ බව මන්ත්‍රීවරයා පැවසී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉදිරි දින කිහිපය තුළ කැඳවීමට නියමිත බව ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසී ය.
කිරුලපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගිවූ නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බව ඔහු සඳහන් කළේය.

0 comments :
Post a Comment