කිලිනොච්චියේදී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගනී (PHOTOS)

කිලිනොච්චියේදී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගනී (PHOTOS)

අද (03) අලුයම කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරමන්තනාරු ප්‍රදේශයේ දී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් සම්පූරණයෙන්ම ගිනි ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට අනාවරණය වී ඇති අන්දමට අද අලුයම 01.00 ට පමණ අදාල ගිනිතැබීම සිදු කොට ඇති අතර ගිනි ගැනීම සිදු වන අවස්ථාවේදී බස් රථය අතුරු මාර්ගයක නවතා තිබී ඇත.

ගිනි ගන්නා අවස්ථාවේ දී බස් රථයේ රියදුරු හෝ කොන්දොස්තරවරයා නොසිටීම නිසා බස් රථයේ හානිය වැඩි වී ඇති බව ද වාර්තා වේ.

ඒ අසල ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර ඒ වන විටත් ගින්නෙන් බස් රථයට දැඩි ලෙස හානි සිදුවී තිබේ.

අදාල ගිනි ගැනීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු ප්‍රකාශකර සිටින්නේ මෙය කාර්මික දෝෂයක් නිසා හටගැනීමක් නොවන බවත් කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවත් ය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් සඳහන්කර සිටී.

ඡායාරූප පහතින්.

රොමේෂ් මධූෂංඛ - වන්නි 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment