ඖෂධවලට සහ අධ්‍යාපනයට බදු නෑ - ඇමති රවී හෙළිකරයි 

ඖෂධවලට සහ අධ්‍යාපනයට බදු නෑ - ඇමති රවී හෙළිකරයි 

එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඊයේ (02) සිට සංශෝධනය කෙරේ.

ඒ අනුව මෙතෙක් සියයට 11ක් ලෙස ක්‍රියාත්මක වූ එකතු කළ අගය මත බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවෙයි. දැනට සියයට 2ක මට්ටමේ පවතින ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයෙහි වෙනසක් නොවන අතර බද්දට යටත්වීමේ සීමාව සහ බදු නිදහස ලැබෙන ක්ෂේත්‍ර සංශෝධනය කර ඇත. 

එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදු කරනු ලැබූ සංශෝධන ක්‍රියාත්මක වන ආකාරය

එකතු කළ අගය මත බද්ද - 

1. බදු අනුපාත වෙනස් වීම 

වර්තමානයෙහි පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය සියයට 11‍ සිට සියයට 15 දක්වා ඉහළ දැමේ.

2. තොග හා සිල්ලර වෙළෙඳාම

බද්දට යටත් වීම තව දුරටත් ක‍්‍රියාත්මක වන අතර බදු නිදහස් සැපයුම් 

(VAT බදු පනතේ පළමු උප ලේඛණයේ දෙවන කොටසේ සඳහන් භාණ්ඩ සැපයීම) මත වූ බද්ද ඉවත් කෙරේ.  

3. බද්දට යටත් වීමේ සීමාව 

වර්තමාන බද්දට යටත් වීමේ සීමාව (රුපියල් මිලියන 100ක් වූ තොග හා සිල්ලර වෙළෙඳාම මත සහ රුපියල් මිලියන 3.75ක් වූ  අනෙකුත්) කාර්තුවකට රුපියල් මිලියන 3 හෝ වර්ෂයට (මාස 12ට) රුපියල් මිලියන 12 දක්වා පහත හෙලනු ලැබේ.

4. බදු නිදහස ඉවත් කිරීම 

පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 දින සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ. 

- විදුලි සංදේශ සේවාල 

- විදුලි සංදේශ ක්ෂේත‍්‍රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණල තඹ කම්බි

- දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත‍්‍ර  

- සෞඛ්‍ය සේවා සැපයීම

- 2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම 

ජාතිය ගොඩනැගීමේ බද්ද - 

1. බදු අනුපාත වෙනස් වීම 

වර්තමානයෙහි පවතින බදු අනුපාතය වන සියයට 2 නොවෙනස්ව පවතී.

2. බද්දට යටත් වීමේ සීමාව 

වර්තමාන බද්දට යටත් වීමේ සීමාව වන  රුපියල් මිලියන 3.75 හෝ දේශීයව නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන හැර ඇතැම් කර්මාන්ත සඳහා වූ රුපියල් මිලියන 25 සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනු ලැබේ.

3. බදු නිදහස ඉවත් කිරීම  

පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 දින සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ. 

- විදුලි සංදේශ සේවා  

- විදුලිය සැපයීම 

- ලිහිසි ද්‍රව්‍ය   

- 2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම 

කෙසේ වෙතත් මෙම බදු සංශෝධන ඖෂධවලට සහ අධ්‍යාපනයට කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය 01 වැනිදා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවැසී ය.

ඊට අමතරව අත්‍යාවශ්‍ය භාණ්ඩ කෙරෙහි බල නොපාන අයුරින් මෙම සංශෝධන සිදු කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේ. සාමාන්‍ය ජනතාවගේ දෛනික භාණ්ඩ සහ සේවා අවශ්‍යතා සඳහා ඇති බලපෑම අවම වන ආකාරයෙන් සංශෝධන සිදු කර ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment