පිටියේ සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු මියයයි (VIDEO)

තරගයක් අතරතුර දී ක්‍රීඩා පිටියේ සිදු වූ අනතුරකින් මියගිය පාපන්දු ක්‍රීඩකයෙකු පිළිබඳව අවාසනාවන්ත පුවතක් ආජන්ටිනාවෙන් වාර්තා වේ.

එරට පැවැති පාපන්දු තරගයක් අතරතුර දී අදාළ ක්‍රීඩකයාගේ හිසෙහි ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පාදය ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.එම අනතුරෙන් ඔහු ඇදවැටෙන අතර ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ඒ මොහොතේ පැමිණ අනතුරට ලක් වූ ක්‍රීඩකයාට පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැකගත හැකි යි.

අනතුරට පත් ක්‍රීඩකයා රෝහල්ගත කළ නමුදු ඔහුගේ දිවි බේරාගැනීමට වෛද්‍යවරු සමත් වී නොමැත.මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මයිකල් ෆ්ලේව් නමැති 23 හැවිරිදි ක්‍රීඩකයෙකි.

පිටියේ සිදු වූ එම අනතුරෙහි වීඩියෝව පහතින් නරඹන්න....


 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment