විජිත හේරත් යළි අධිකරණය හමුවට

විජිත හේරත් යළි අධිකරණය හමුවට

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (31) ඇප මත මුදාහැරුණු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා රාජගිරිය මංසන්ධියේ දී මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර් රථය මාර්ගයේ පිහිටි දුරකථන කණුවක ගැටී අනතුරට ලක්විය.

පොලිස් ආරංචි මාර්ගයන් වාර්තා කරන අන්දමට මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයාට නින්ද යාම හේතුවෙනි.

පොලිස් අත්අඩංගුවේ සිටි මන්ත්‍රීවරයා ඊයේ ඇප මත මුදාහැරුණු අතර තමන් අනතුර සිදුවූ අවස්ථාවේ බීමතින් සිටි බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව පවසමින් ඔහු ඊයේ දිනයේ දී මාධ්‍ය අංශ වෙත ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment