'සමෘද්ධියවත් හරියට නෑ' - ආදිවාසි නායක

'සමෘද්ධියවත් හරියට නෑ' - ආදිවාසි නායක

ආදිවාසී ජනතාව දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙන යන බව රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ ප්‍රකාශ කරයි.

ඔහු කියාසිටින්නේ රජයෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරය ද වැදි ජනතාව වෙත නිසි පරිදි නොලැබෙන බවයි.

තම ආදිවාසී ජනතාවට සාම්ප්‍රදායික ජීවනෝපායන්වලින් මිදී වෙනත් ජීවනෝපායන්වල යෙදීම දුෂ්කර වී ඇති බව ද රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ පෙන්වාදෙයි.

ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ ආදාවාසීන්ට ඇති ගැටලු පිළිබඳව සොයාබැලීමට කිසිඳු නිලධාරියෙකු නොමැති බවත් ඒ සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බවත් ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment