ජංගම දුරකතනයක් නිසා තවත් මරණයක් (PHOTOS)

ජංගම දුරකතනයක් නිසා තවත් මරණයක් (PHOTOS)

කිලිනොච්චිය කරඩිබෝක්කු මංසන්ධියේ දී ඊයේ (31) සවස යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් දෙදරු පියෙකු මියගිය බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

කිලිනොච්චිය මරුතනගර් ප්‍රදේශයේ සිට වේගයෙන් පැමිණ ඇති යතුරුපැදිකරු කරඩිබෝක්කු මංසන්ධියේ දී කන්ටේනර් රථයක ගැටී එම අවස්ථාවේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මරුතනගර් ප්‍රදේශයේ  පදිංචි චන්ද්‍රෙස්කරන් නමැති දෙදරු පියෙකි.

අනතුර සිදුවූ අවස්ථාවේදී යතුරුපැදිකරු තම ජංගම දුරකතනයෙන් කතා කරමින් යතුරු පැදිය වේගයෙන් පැදවූ බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්.

වන්නි -රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment