විජිත හේරත් වරද පිළිගනී - බීමත්ව රිය පැදවූ චෝදනාවෙන් නිදහස්

විජිත හේරත් වරද පිළිගනී - බීමත්ව රිය පැදවූ චෝදනාවෙන් නිදහස්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම හා අනතුරක් වලක්වා නොගැනීමට කටයුතු කිරීම යන චෝදනාවට වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 1500ක රජයේ ගාස්තු ගෙවන ලෙස ඔහුට අද(01) නියෝග කළේය.

ඒ අනුව විජිත හේරත් මහතා අධිකරණයේදී එම වරද පිළිගෙන තිබේ.

අධිකරණයට කරුණු දක්වමින් පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ තෙවැනි චෝදනාව ලෙස එම රිය අනතුර සිදුවූ අවස්ථාවේ විජිත හේරත් මහතාගෙන් මත්පැන් ගදක් වහනය වූ බවයි.

බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැකි බව කී මහේස්ත්‍රාත් ඔහු එම චෝදනාවෙන් නිදහස් කළේය.

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (31) පොලිස් ඇප මත මුදාහැරුණු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

පසුගියදා රාජගිරිය මංසන්ධියේ දී මන්ත්‍රීවරයා ගමන්ගත් ඩබල් කැබ්  රථය මාර්ගයේ අයිනේ පිහිටි දුරකථන කණුවක ගැටී අනතුරට ලක්වූ අතර එම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයාට නින්ද යාම හේතුවෙන් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටි මන්ත්‍රීවරයා ඊයේ ඇප මත මුදාහැරුණු අතර තමන් අනතුර සිදුවූ අවස්ථාවේ බීමතින් සිටි බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව පවසමින් ඔහු ඊයේ දිනයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ද නිකුත් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment