ශ්‍රී පාදයට ගිය Facebook සාමාජිකයින්ගෙන් මෙහෙයුමක් (PHOTOS)

ශ්‍රී පාදයට ගිය Facebook සාමාජිකයින්ගෙන් මෙහෙයුමක් (PHOTOS)

පසුගිය මැයි 27 සහ 28 යන දෙදින තුළ ශ්‍රී පාද පුදබිම අවට ප්‍රදේශයේ ඇති ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ.

ඒ “ එකතුවෙමු - උදව් කරමු”  නමැති රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙනි.

Facebook සමාජජාලයේ ක්‍රියාකාරී සමූහයක් වන එහි සාමාජිකයින් ලෙස සිටින තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රජා සත්කාරයේ නියැලුණු බව වාර්තා වේ.

ශ්‍රී පාද වන්දනා සමය අවසන්වීමත් සමඟ ශ්‍රී පාද හැටන් මාර්ගය අවට පරිසරයට වන්දනාකරුවන් විසින් මුදාහැර තිබූ ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මොවුන් විසින් ඉවත් කොට නල්ලතන්නියේ පිහිටි අඹගමුව ප්‍රාදේශීය සභා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දීමට කටයුතු කර ඇත.

අදාළ සංවිධානයේ සාමාජිකයින් ප්‍රකාශකොට ඇත්තේ මෙම ක්‍රියාව  කිසිදු ලාභ ප්‍රයෝජනයක් හෝ ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් සිදුනොකළ බවත් Facebook ඔස්සේ සමාජයට යහපත් යමක් සිදුකිරීමට ඇති හැකියාව පෙන්වීමට ගත් එක් උත්සාහයක් පමණක් වන බවත් ය.

ඡායාරූප පහතින්.

හැටන් - රංජිත් රාජපක්ෂ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment