තවත් වාර්තාගත ඡන්ද ප‍්‍රතිඵලයක් එයි.. මහින්ද පිල 147යි.. එජාපය 41යි.. ශ‍්‍රීලනිපය 01යි..

ඊයේ දිනයේ පැවති මාදම්ප කොට්ඨාශ සමූපකාර ඡුන්ද විමසීමෙන් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කල කණ්ඩායම වාර්තාගත ජයග‍්‍රහණයක් ලබාගෙන තිබේ.

එහිදී ප‍්‍රකාශිත ඡන්දවලින් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඡන්ද 147ක්, එජාපයට ඡන්ද 41ක් හා ශ‍්‍රීලනිපයට ඡන්ද 01ක් ලෙස සාමාජිකයෝ ඡන්දය භාවිතර කර ඇත.

මෙම කොට්ඨාශයේ සමිති 21ක් ඇති අතර ඊට නියෝජිතයින් 9 දෙනා බැගින් තෝරා ගැනීමට මෙම ඡන්ද විමසීම පැවැත්වෙයි. මෙම ඡන්ද විමසීමේදී පම්බල ඡන්ද පෙට්ටිය තුළ වූ ඡන්ද 139න් 129ක් ම ඒකාබද්ද විපක්‍ෂයටත් ඡන්ද 6ක් ශ‍්‍රීලනිපයටත්, එජාපයට 04ක් ලෙසත් ප‍්‍රකාශ වී තිබින.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment